Covid ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” නියෝජනය නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ප්‍රකාශය වසංගතය අවසන් බවට හැඟවෙන ප්‍රධාන කරුණක් ලෙස පෙන්නුම් කෙරෙන අතර එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ වෛරසය පිළිබඳ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් වසර තුනකට පසුවයි.

WHO බලධාරීන් පැවසුවේ වෛරසයේ මරණ අනුපාතය 2021 වසරේ ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩි ප්‍රමාණයක සිට මෙම වසරේ අප්‍රේල් මස 24 වන දින වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා (Tedros Adhanom Ghebreyesus) ප්‍රකාශ කර ඇත්තේ වසංගතයෙන් අවම වශයෙන් මිලියන හතක ජනතාවක් මිය ගිය බවයි.

ඊයේ කොවිඩ් හදිසි කමිටුව 15 වන වරටත් රැස් වූ අතර එහිදී ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව අවසන් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් වී තිබෙනවා.

එය පිළිගනිමින් COVID-19 ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් වීම අවසන් බවටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.

නමුත් ඔහු අනතුරු අඟවා ඇත්තේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවන අතර තත්වය වෙනස් වුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවයි.

එන්නත් ලබාදීම මෙම වසංගතයේ අවදානමෙන් ඉවත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එන්නත් මාත්‍රා බිලියන 13 ක් ලබා දී තිබෙනවා.

නමුත් බොහෝ රටවල එන්නත් අවශ්‍ය අයගෙන් වැඩි දෙනෙකු වෙත ඒවා ළඟා වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ලොව පුරා තහවුරු වී ඇති Covid ආසාදන සංඛ්‍යාව මිලියන 765 ඉක්ම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56