Update – ඩෙල්ෆ් දූපතේ පංච පුද්ගල ඝතකයා ඝාතන සිදුකළ හේතුව හෙළිවෙයි (වීඩියෝ)

යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ දී පුද්ගලන් පස්දෙනෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (23) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ නිවසේ තිබූ රන් ආභරණ කොල්ල කෑමේ අරමුණින් සැකකරු විසින් මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී ඝාතනයෙන් පසු කොල්ල කන ලද බවට සැක කෙරෙන රන් මාල,වළලු සහ කරාඹු කිහිපයක් ද තිබී සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඩෙල්ෆ් පොලීසිය සමඟ උතුරු පළාත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස් කණ්ඩායම් 03ක සහභාගීත්වයෙන් සිදුකෙරුනු විශේෂ විමර්ශනයකදීයි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

51 හැවිරිදි සැකකරු යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, මොහු වසර 20ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මොහු මෙම නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවට ද තොරතුරු අනාවරනය වී ඇති බව සඳහන්.

සැකකරු නිවසේ ජීවත් වූ වයෝවෘද්ද කාන්තාවන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුළු වූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනාගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කර රන් භාණ්ඩ ද රැගෙන පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයක් මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බවයි ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/3KLSj-JVHWs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19