ජී. එල්. නීතිමය පියවර ගැනීමට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි.

අදාළ රැස්වීමේදී ගන්නා ලද සියලුම තීරණ ශුන්‍ය සහ ක්‍රියා විරහිත වන බවත් ඒවාට කිසිම වලංගුතාවක් නොමැති බවත් පීරිස් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙසට අද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කරනු ලැබුවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ පක්ෂයේ මහා සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කළ බවයි.

පක්ෂ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි ඒකමතිකව පත් කර ගැනීම සිදු වූ බව සඳහන්.

මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ එම පක්ෂයෙන් ස්වාධීන වී කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් දරන ලද සභාපති ධුරය සඳහා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරුවේ පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

අද පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණ ද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වූයේ.

ඒ අනුව අද මහ සභා රැස්වීම පක්ෂ සභාපතිවරයා නොමැතිව පැවති අතර එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණා.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරනවා. පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56