මිලියන 5ක නෝට්ටු ඇසුරුමක් අඩුවීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය 11 වන දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු බණ්ඩලයක අඩුවීමක් අනාවරණය වූ බව මහ බැංකුව නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් වහාම අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය ද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ” නිකුතු සුරක්ෂිතාගාරයේ ” තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළා.

ඊට අමතරව CCTV දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා විසින් 11 වනදා කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබියදී මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මුදල් තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් අඩංගු බණ්ඩල 8000ක් පමණ තිබී ඇති අතර රුපියල් බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ලක්ෂ 50කින් යුත් මුදල් බණ්ඩලය අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත රැගෙන ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවතුන ද මේ සම්බන්ධයෙන් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08