spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 5ක නෝට්ටු ඇසුරුමක් අඩුවීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පසුගිය 11 වන දින ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු අතරතුරේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු බණ්ඩලයක අඩුවීමක් අනාවරණය වූ බව මහ බැංකුව නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් වහාම අරඹන ලද අතර කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ පොලිස් විමර්ශන කටයුතු දැනට සිදුවෙමින් පවතිනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහාය ද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ” නිකුතු සුරක්ෂිතාගාරයේ ” තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය සඳහන් කළා.

ඊට අමතරව CCTV දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා විසින් 11 වනදා කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබියදී මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මුදල් තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් අඩංගු බණ්ඩල 8000ක් පමණ තිබී ඇති අතර රුපියල් බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ලක්ෂ 50කින් යුත් මුදල් බණ්ඩලය අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත රැගෙන ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවතුන ද මේ සම්බන්ධයෙන් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?