පාස්කු ප්‍රහාරයේ කඳුළු සිහිකරන රට පුරා ජනතාව (ඡායාරූප)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට වසර හතරක් සම්පූර්ණවීම නිමිත්තෙන් එය සිහිපත් කරමින් අද (21) දිනයේ විශේෂ වැඩසටහන් ගණනාවක් දිවයිනේ ප්‍රදේශ දේවස්ථානවල සංවිධානය කර තිබුණා.

මීට සමගාමීව ප්‍රහාරයේ මියගිය සහ විපතට පත් වූ පුද්ගලයින් සිහිපත් කරමින් අද (21) පෙරවරු 8.45ට නිශ්ශබ්ද තාවයක් ද පැවැත් වුණා.

මේ අතර මෙම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉල්ලා තවත් ප්‍රදේශ රැසක සාමකාමී විරෝධතා ද සංවිධානය කර තිබූ බවයි ‘දසත’ ප්‍රදේශයේ වාර්තාකරුවන් සඳහන් කළේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමේ කටයුතු උදෑසන 8.00 සිට ආරම්භ වුණා.

කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය වනවා.

1 9
2 10
3 11
4 9
5 3 1
6 2 1
WhatsApp Image 2023 04 21 at 10.44.59 AM 1
WhatsApp Image 2023 04 21 at 10.44.59 AM
WhatsApp Image 2023 04 21 at 10.45.00 AM 1
WhatsApp Image 2023 04 21 at 10.45.00 AM