ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට – අඹුසැමි යුවළකුත් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් ක්වාලාලම්පූර්හිදී අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ එක් ළමයෙක් යුරෝ 30000ත් 50000ත් අතර මුදලකට අලෙවිකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකාර අඹුසැමි යුවල විසින් විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය ද රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට වයස අවුරුදු 12 සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන් පොළඹවා ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

එලෙස දරුවන් රැගෙන දෙමව්පියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් සඳහන් කර සිටියේ.

මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අරමුණින් පසුගිය 12 වනදා ක්වාලාලම්පූර්හි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ අවස්ථාවේ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයතු කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ 26 සහ 37 යන වයස්වල පසුවන අතර,මෙම ජාවාරම කොපමණ කාලයක් පවත්වාගෙන් ගොස් තිබුණා ද සහ ළමයින් කොපමණ සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර එළියට ඇවිත් කිව්ව දේ - ආණ්ඩුවේ හොරු ඉස්සෙල්ලා අල්ලලා පස්සේ අනිත් අය අල්ලන්න
01:47
Video thumbnail
ගොන් මාධ්‍ය ටිකක් තියෙනවා - ඒවත් එක්ක මේවා ඉස්සරහට යන්න අමාරුයි
04:10
Video thumbnail
කපිලගේ නඩුවට ඇපකරුවන් සොයාදුන් තැරැව්කරුවන් රිමාන්ඩ්
01:04
Video thumbnail
මෙහෙම කරයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නෑ
03:48
Video thumbnail
ජනතාව තවත් ඉවසනවා ද.. දැන්වත් නැගිටිනවා ද..?
04:53
Video thumbnail
පන්න පන්න ජනතාවගෙන් පළිගන්න ආණ්ඩුවක් තමයි අද රට පාලනය කරන්නේ
06:00
Video thumbnail
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට විපක්ෂය ඉල්ලූ විවාදය දෙන්න බෑ..රීතිවිරෝධියි..එළියේ කතා කරන්න ඇයි බය?
10:49
Video thumbnail
විපක්ෂ කට්ටියව හිරේ දාන එක තමයි දැන් ආණ්ඩුව ගෙනියන්න තියන එකම ක්‍රමය
12:05
Video thumbnail
මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..ආවේ බයට නෙවෙයි
00:44
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි සෙනඟ මැදින් දුවගෙන එයි
00:53