යේමනයේ පාසලක තෙරපීමකින් 78ක් මරුට

යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් සිදු කළ පුණ්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපිමකින් 78 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක් පුද්ගලයෙකුට ඩොලර් 9 (පවුම් 7) ක පමණ වූ පරිත්‍යාග ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනයා පාසලට රොක් වී ඇති බවයි.

මෙම ආධාර බෙදා හැරීමට වගකිවයුත්තන් ආරක්ෂක අංශ රඳවාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 13 දෙනෙකු අසාධ්‍ය තත්වයේ සිටින බව සානා හි සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය, කියා සිටියේ හවුති සටන්කාමීන් රැස්ව සිටි ජනතාව පාලනය කිරීමේ උත්සාහයක් ලෙස අහසට වෙඩි තැබූ බවයි.

එම වෙඩි විදුලි රැහැනකට වැදී පිපිරීමක් සිදු වීම හේතුවෙන් ඇති වූ බිය හමුවේ තෙරපීම සිදුව ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

2015 දී හවුති සටන්කාමීන් රටේ බටහිර ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක පාලනය අත්පත් කර ගැනීමත් සමඟ හටගත් ගැටුම් හමුවේ යේමනය විනාශයට පත්ව තිබෙනවා.

ජනාධිපති Abdrabbuh Mansour Hadi විදේශගත වූ අතර සවුදිය ප්‍රමුඛ අරාබි රාජ්‍ය සන්ධානයක් ඔහුගේ පාලනය යථා තත්ත්වයට පත් කිරීමට මැදිහත් වුණා.

මෙම සටන නිසා 150,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන 23 කට වැඩි ජනතාවක් එනම් යේමනයේ ජනගහනයෙන් හතරෙන් තුනකට පමණ පිරිසකට ආධාර අවශ්‍ය බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුගිය සතියේ යේමනයේ සටන් කරන පාර්ශ්ව අතර ප්‍රධාන සිරකරුවන් හුවමාරුවක් ආරම්භ වූ අතර එය වසර අටක විනාශකාරී ගැටුම අවසන් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස ද සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23