පොලිස් මෝටර් රථයකට ගිනි තැබූ 3ක් අත්අඩංගුවට

පොලිස් මෝටර් රථයකට ගිනි තැබීම සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 2022 වසරේ මැයි මස 9 වනදා පංචිකාවත්ත ප්‍රදේශයේදීයි සැකකරුවන් පොලිස් මෝටර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කර සිද්ධියට සම්බන්ධ තුන් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 18, 31 සහ 46 වයස්වල පසුවන සැකකරුවන් මාළිගාවත්ත සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය කියාසිටියේ.

ඔවුන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23