IMF ණය සාර්ථක ජයග්‍රහණයක් බව විදේශ ඇමති කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් පිරිනැමුණු ණය මුදල ප්‍රපාතයකට වැටී තිබූ ජාතික ආර්ථිකය ගොඩගැනීමේ සටනින් ලද සාර්ථක ජයග්‍රහණයක් බව විදේශා අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ එම ණය මුදල ලබාගැනීමේ ක්‍රියාවලියට මුලික අඩිතාලම දැමුවේ තමන් බවයි.

අනතුරුව එය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ගෙනගිය බව පැවසු විදේශ අමාත්‍යවරයා කියාසිටියේ තමන් එවකට මුදල් ඇමතිව සිටි බවයි.

දිගු කලක් රට තුල පැවති සිවිල් යුද්ධය හා රට ආක්‍රමණය කල කොවිඩ් 19 උවදුර හේතුවෙන් බැට කෑ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට යළි පනගැන්වී ඇති බව පැවසු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ උතුර හා නැගෙනහිර යන දෙපළාත සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහය අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව තවත් ඉංදියාව සමග ඒකාබද්ධ විය යුතු බවද පවසන අලි සබ්රි දෙරට අතර ගුවන් ගමන් පුළුල් කලයුතු බවත් දෙරට අතර මුහුදු ගමන් කටයුතුද ළඟදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එක කලාපීය රටකට පමණක් සීමා නොවී චීනය, බටහිර රටවල් මෙන්ම මැද පෙරදිග රටවල් සමගද සබඳතා තර කරගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ නීතියට උඩින්..?
02:20
Video thumbnail
කොටි ඩයස්පෝරාව පිනවන්න තමයි මහින්දට මෙහෙම අපහාස කරන්නේ
03:03
Video thumbnail
අපි මේ රට ළඟදීම නිදහස් කරගන්නවා - මොකද්ද මේ කියන්නේ..?
01:26
Video thumbnail
දෙකයි පනහේ වැඩ කරලා මහින්දව වට්ටන්න බෑ
02:19
Video thumbnail
අපිව බය කරන්න බෑ - අපි මර්දනය අවසන් කරලා පෙන්නන්නම්
02:42