යාපනය, වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිගේ නිවස ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
අදාළ කාන්තාව පසුගිය 15 වනදා පස්වරුවේ මෙලෙස ගිනි තබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිරුර ගිනිතබගත් කාන්තාව බරපතළ තත්ත්වයෙන් යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය ඊයේ (17) පස්වරුවේ මියගොස් ඇති බවයි යාපනය – චුන්නාකම් පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇති කාන්තාව 37 හැවිරිදි වියේ පසු වූ සංවර්ධන නිළධාරිනියක් බවයි වාර්තා වන්නේ.
එක්දරු මවක් වන මෙම කාන්තාව වසර ගණනාවක සිට සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගැනීමෙන් අනතුරුව ඒ අසළ තිබූ ළිඳකට පැන ඇති බවයි.
අනතුරුව සිද්ධිය දුටු පිරිසක් කාන්තාව ළිඳෙන් ගොඩගෙන රෝහල්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
අදාළ කාන්තාව මෙලෙස ගිනිතබාගෙන සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ බිරිඳ ද වසර ගණනාවක සිට විදේශගතව ජීවත්වන බවටයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.














pawu mu ey geniwa hatharata palanna athi. dan rata giy geni enawa athi, nathinam meka aranchi wela athi. eyi nisa maga arinna athi. minihekuta geniyek ahu unama aye ekigen wena minihekuta ganna deyak ithiri wenneth nahe, ekita wena minihekuta denna deyak ithiri wenneth nahe. hapaya withrayi. pawu