AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ රිළව් චීනයට

ශ්‍රී ලංකාවේ රිළාගහනය ඉහළයාමට විසඳුමක් ලබා දෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ඉල්ලීම අනූව අප රටේ රිළවුන් 100,000 පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියා.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළ අතර එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙනවා.

මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවායී. රිළාගහනය අවම කර ගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී තිබෙන අතර රිළවුන්ගෙන් සිදුවන හානිය ගත් කළ බෝගහානි සඳහා වැඩිම තීව්‍රතාවය නැතහොත් උග්‍රහානිය වාර්තා වී තිබෙන්නේ ද රිළවුන් ගෙන් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ සමීක්ෂණ මගින් තහවුරු වී ඇත.

ගොවිජන සංවර්ධන බල ප්‍රදේශ 250ක් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණ අනුව රිලවුන් විසින් බල ප්‍රදේශ 110ක පූර්ණ හානි ද, බලප්‍රදේශ 235ක උග්‍ර හානි ද 155ක අර්ධ හානි ද , සිදු කරනු ලැබ තිබේ.

රිලවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

කෙසේ වුවද රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලන විට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත් වීමම සතුටට කාරණයක් බව ද මෙහිදී අවධාරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?