පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව තවත් කඩුලු 03ක් සුරැකිව ලකුණු 302 යි

සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (18) පෙරවරුවේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302ක් ලබාගෙන සිටියා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹුණේ නායක ධනංජය ද සිල්වා හට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලු 02 ලකුණු 33ක් වනවිට බිඳ වැටුණා.

ඒ පළමු කඩුල්ල ලෙස ලකුණු 02ක් ලබා සිටි දිමුත් කරුණාරත්න O’Rourkeගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමගින්.

ලකුණු 27ක් ලබා සිටි පැතුම් නිස්සංක ද අවාසනාවන්ත ලෙස O’Rourkeගේ පීඩනකාරී පන්දුවකට කඩුල්ල හසුවීමෙන් දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිස ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම් තාක් දුරකට ශක්තිමත් කරමින් සිටියදී මැතිව්ස් O’Rourkeගේ පන්දුවක් දබරැඟිල්ලේ ගැටී ආබාධයකට ලක්ව ලකුණු 12ක් ලබා සිටියදී ක්‍රීඩාගාරය වෙත හරවා යැවෙනවා.

මැතිව්ස් වෙනුවට කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ කමිඳු මෙන්ඩිස්; අනෙක් අන්තයේ සිටි දිනේෂ් චන්දිමාල් සමග ලකුණු පුවරුව ගොඩනැගීමට උත්සාහ කළ ද, චන්දි ලකුණු 30කට දැවී ගියා.

ඉන් අනතුරුව නායක ධනංජය ද සිල්වා සමගින් යළිත් ලකුණු පුවරුව ගොඩනැගීමට උත්සාහ දැරුවද ලකුණු 11ක් ලබා සිටි ධනා ද ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයෙක් බවට පත්වීමට ගෙවුණේ පන්දුවාර කිහිපයක් පමණි.

කඩුලු 04ක් ම බිඳ වැටී සිටි අවස්ථාවක සුව වී යළිත් පිටියට ආ මැතිව්ස් සමග එක් වූ කමිඳු ක්‍රමයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගොඩනැගීමට උත්සාහ දැරුවා.

මැතිව්ස් ලකුණු 36කට දැවී යන්නේ තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරුතාවකට ඇද දමමින්.

කෙසේවෙතත් සටන අත් නොහැරි කමිඳු මෙන්ඩිස් ඉවසිලිවන්තව අනෙක් අන්තයේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සමග එක්වෙමින් ලකුණු 103ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

කමිඳු අද දිනයේ දී ටෙස්ට් වාර්තා අලුත් කරමින් ශතකයක් ද ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ද තවත් ටෙස්ට් අර්ධ ශතකයක් තම පෞද්ගලික ලකුණු ගොන්නට එක් කරගත්තා.

කමිඳු ලකුණු 114ක් ලබා සිටියදී දෝලනය වූ පටෙල් යොමු කළ දඟ පන්දුවක් මිචෙල් විසින් රැකගනු ලැබීමත් සමග දැවී ගියා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවනවිට ලකුණු 302ක් ලබා සිටින්නේ තවත් හෙට දිනට කඩුලු 03ක් සුරැකිව තබා ගනිමින්.

08 වැනි කඩුල්ල වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් සමගින් ප්‍රභාත් ජයසූරිය පිටියෙහි රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී විලියම් ඕ’රෝක් කඩුලු 03ක් ද, ග්ලේන් පිලිප්ස් කඩුලු 02ක් ද, ටිම් සවුති සහ පටෙල් එක් කඩුල්ල බැගින් ද බිඳ දැමුවා.

හෙට (19) තරගයේ දෙවැනි දිනයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20