“පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීම ගැන මෙතෙක් තීරණයක් නැහැ” – විභාග කොමසාරිස් ජනරාල් (වීඩියෝ)

මේ වන විට කතාබහට ලක් වන පහවසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් අද (18) දින විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මාධ්‍ය හමුව කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ‍යෙන් ඇති වී තිබෙන ගැටළුව පිළිඳව පරීක්ෂණ පැවැත්වීමට විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවයි.

ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීම නොකර වෙනත් විසඳුමකට යා හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

නමුත් සනාතකර ගත හැකි සාක්ෂි හමුවහොත් නැවත විභාගයක් පැවැත්වීමට තමන් සූදානම් බව‍යි විභාග කොමසාරිස්වරයා කියා සිටියේ.

ඔහු පෙන්වා දෙන්නේ ගැටළුවට තුඩු දී ඇති ප්‍රශ්න 03 කිසිසේත්ම විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ට සියයට සියයක් සමාන නොවන බවයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම හේතුවෙන් ළමයින්ට අසාධාරණයක් නොවන්න ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලමින් එම දරුවන්ගේ දෙමාපියන් විසින් අද (18) උදෑසන විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

පසුව දෙමාපියන් අට දෙනෙකුට සහ නීතිඥවරයෙකුට විභාග කොමසාරිස් ජනරාල් හමුවීමට අවස්ථාව ලබා දී තිබූ අතර; ඉන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මෙලෙස අදහස් දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14