ශ්‍රී ලාංකිකයින් 248ක් රැගෙන නවසීලන්තය බලා ගිය නෞකාවක් ගැන අබිරහසක්

බෝට්ටුවකින් අනවසරයෙන් නවසීලන්තයට යාමේදී අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකුගේ ඉරණම සම්බන්ධයෙන් කනස්සල්ලක් මතුවී තිබෙනවා.

නවසීලන්තයට පැමිණීමට සරණාගතයින් දරන උත්සාහයන් පිළිබඳ නවසීලන්ත රජයේ සටහනක දැක්වෙන්නේ ධීවර යාත්‍රාවක් සහ එහි ශ්‍රී ලාංකික මගීන් 248 දෙනෙකු නැවත කිසි දිනෙක දැක නොමැති බවටයි.

බෝට්ටුවකින් නවසීලන්ත වෙරළට පැමිණීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රජය සතුව පවතින තොරතුරු මොනවා ද යන්න පිළිබඳව හෙළි කිරීම ආගමන අමාත්‍ය මයිකල් වුඩ් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රටට පැමිණෙන සරණාගත පුද්ගලයින් රඳවා තබා ගත හැකි කාලය දින හතරේ සිට දින 28 දක්වා දීර්ඝ කිරීමේ නීති සම්පාදනය කළ පසුගිය මාර්තු 28 වනදා අමාත්‍යවරයාගේ කාර්යාලය විසින් නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කළ සිදුවීම් සහ ඊට අදාළ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

එහි දැක්වුණේ 2019 වසරේ ජනවාරි 12 වනදා අඩි 90ක් දිගැති ධීවර යාත්‍රාවක් ඉන්දියාවේ මුනම්බම් අසලින් පිටත් වූ අතර, එහි ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට යාමට බලාපොරොත්තුවෙන් දෙමළ සංක්‍රමණිකයන් 248 දෙනෙකු සිට ඇති බවයි.

එතැන් සිට අදාළ බෝට්ටුව හෝ මගීන් ගැන තොරතුරක් දැනගැනීමට නොලැබුණු අතර එහි ඉරනම කිසි විටෙක දැන නොසිටි බවයි දැක්වෙන්නේ.

ඉන්දියානු පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ මෙම සංක්‍රමණික සිද්ධියේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන ප්‍රභූ දණ්ඩපානි විසින් අදාළ බෝට්ටුව නවසීලන්තයට යන බව ඔවුන්ට පැවසූ බවයි.

නවසීලන්ත නිලධාරීන් එම වසරේම විශාල වශයෙන් සංක්‍රමණිකයන් පැමිණීමේ සිදුවීම් දෙස අවධානයෙන් සොයා බැලීම ආරම්භ කළ ද කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වූ බව ආගමන අමාත්‍ය මයිකල් වුඩ් අනාවරණය කළා.

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නවසීලන්තයට යාමට නියමිතව තිබූ තවත් ශ්‍රී ලාංකික බෝට්ටුවක් අල්ලාගෙන 2015 වසරේදී බෝට්ටුව හරවා යැවීම සඳහා කාර්ය මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් 30,000කට වැඩි මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් ද අදාළ ලැයිස්තුවේ නොතිබූ බව සඳහන්.

2013 වසරේ දී ද නවසීලන්ත ධජයක් සහිත බෝට්ටුවක් “මගීන්” යන පුවරුවක් අතැතිව “අපිට නවසීලන්තයට යාමට අවශ්‍යයි”. කරුණාකර අපට උදව් කරන්න” යනුවෙන් සටහන් පුවරු රැගෙන බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් සිට කිලෝමීටර් 400 ක් උතුරින් මුහුදේ සිටි බව හෙළිවී තිබෙනවා.

එහෙත් ඔවුන් සම්බන්ධයෙන් ද මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැහැ.

මේ වන විට, අනවසරයෙන් මුහුදු මාර්ග ඔස්සේ විශාල පැමිණීමේ උත්සාහයක් ප්‍රමාණයක් පවතින අතර ඉන් කිසිවෙකුත් නවසීලන්තයට සාර්ථකව ළඟා වී නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මිනිසුන් ජාවාරම් කිරීම නවසීලන්තයේ වසර 20 ක් දක්වා සිරදඬුවම් සහ ඩොලර් 500,000 දක්වා දඩයකට යටත් වනවා.

නවසීලන්ත සංක්‍රමණික ජාවාරම්කරුවන් බොහෝ විට සංක්‍රමණිකයින් හොර රහසේ ගෙනයාමේ අවදානම, එහි සාර්ථකත්වය සහ ගමනාන්ත රටවල ආර්ථික තත්ත්වයන් ගැන ජනතාව නොමඟ යවන ආකාරයේ විස්තර හෙළි කරනු ලබනවා.

අධික ලෙස මගීන් පටවා ඇති බෝට්ටු වල ගිලී මියයාමේ අවදානම මෙන්ම, ඇතැම් මගීන් සමහර විට ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයන්ට ද ගොදුරු වනවා.

බලහත්කාරයෙන් ශ්‍රමය හෝ ලිංගික සූරාකෑම සඳහා සංක්‍රමණිකයන් වෙළඳාම් කළ හැකි අතර විජලනය හෝ කුසගින්නෙන් මිය යාමේ අවදානම ද මෙවැනි ගමන්වලදී පවතිනවා.

2019 දී, නවසීලන්තයේ සංක්‍රමණ සම්බන්ධතා නිලධාරීන් අක්වෙරළ පුළුල් කිරීම ඇතුළුව සංක්‍රමණිකයන් වැළැක්වීමේ පියවර සඳහා වසර හතරක් පුරා ඩොලර් මිලියන 25ක් වෙන් කරනු ලැබුවා.

මෙම පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27