ප්‍රබලයින් රැසක්ම නොමැතිව කිවියන් විස්සයි විස්ස සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ටොම් ලේතම්ට හිමිව තිබෙනවා.

නායකත්වයට පත්කර ඇති ටොම් ලේතම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනු ලබන්නේ 2021 වසරෙන් පසුව වීම ද විශේෂත්වයක්.

නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම මෙම සංචිතයට නම්කර නොමැති අතර, ඒ ඔවුන් ලබන 31 වනදා ආරම්භවන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීම හේතුවෙන්.

ඒ, අනුව නිත්‍ය නායක ටිම් සවුති, කේන් විලියම්සන්, ග්ලෙන් ෆිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ඩෙවොන් කොන්වේ, ෆින් ඇලන්, මයිකල් බ්‍රේස්වෙල් සහ ලොකී ෆර්ගියුසන් වැනි නවසීලන්ත විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව සමඟ තරගාවලියට නම්කර නැහැ.

ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම්කළ සංචිතය,

ටොම් ලේතම්, චැඩ් බෝව්ස්, මාර්ක් චැප්මන්, මැට් හෙන්රි, බෙන් ලිස්ටර්, ඇඩම් මිල්න්, ඩැරල් මිචෙල්, ජිමී නීෂම්, රචින් රවීන්ද්‍ර, ටිම් සෙයිෆර්ට්, හෙන්රි ෂිප්ලි, ඉෂ් සෝදි, විල් යං



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54
Video thumbnail
දින 10ක් වයසැති බිළිඳෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:39
Video thumbnail
මාධ්‍ය හමුවෙදි සීලරතන හිමිට එකපාරම වුණ දේ..කොට්ටහට්ටි නටන කාලෙනේ ඕන එකක් නටාගන්න
06:55
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42