‘කුඩු සලිඳු’ගේ මත් ජාවාරම මෙහෙය වූ ‘පානදුර සුපුන්’ අත්අඩංගුවට (ඡායාරූප)

මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ශික ගුණරත්න නොහොත් “පානදුර කුඩු සලිඳු” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ‘පානදුර සුපුන්’ නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආහාර පාන බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, මෙරට ප්‍රසිද්ධ ආහාර බෙදාහැරීමේ ආයතනක නම මේ සඳහා සැකකරු භාවිතා කර තිබෙනවා.

අදාළ ප්‍රසිද්ධ ආහාර බෙදාහැරීමේ ආයතනයේ බෑගයේ සඟවා කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සැකකරු ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක මුදලක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර, මහවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

1 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?