‘කුඩු සලිඳු’ගේ මත් ජාවාරම මෙහෙය වූ ‘පානදුර සුපුන්’ අත්අඩංගුවට (ඡායාරූප)

මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ශික ගුණරත්න නොහොත් “පානදුර කුඩු සලිඳු” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ‘පානදුර සුපුන්’ නැමැත්තා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආහාර පාන බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර, මෙරට ප්‍රසිද්ධ ආහාර බෙදාහැරීමේ ආයතනක නම මේ සඳහා සැකකරු භාවිතා කර තිබෙනවා.

අදාළ ප්‍රසිද්ධ ආහාර බෙදාහැරීමේ ආයතනයේ බෑගයේ සඟවා කේරළ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සැකකරු ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

ඊට අමතරව සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක මුදලක්ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා පානදුර, මහවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33ක අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

1 14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40