පැතිර යන පුවතක් ගැන ධනංජය ද සිල්වාගෙන් පිළිතුරක්

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන පුවත අසත්‍ය බවට ධනංජය ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු කියාසිටියේ තමා සැම විටම කණ්ඩායම සමග සිටින ක්‍රීඩකයෙකු බවයි.

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20 තරගාවලි දෙකටම ධනංජය ද සිල්වා නම්කර තිබෙනවා.

මෙම සංචිතවලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

නවසීලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේදී ධනංජය ද සිල්වා අංක 7 ස්ථානයේ පන්දුවට පහරදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නිසා කණ්ඩායමට ඇතුළත් කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.

Dhana