ඇඳට සවිකළ ලී වැටේ සිරවී බිලිඳිය මියයයි(ඡායාරූප)

ඌව පරණගම මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක ඇඳක සවිකර තිබූ ලි වැටක සිරවීමෙන් මාස හතක බිලිඳියක් මියගොස් තිබෙනවා.

බිලිඳියගේ මව නිවසෙන් බැහැරට ගොස් සිටි අවස්ථාවක මේ අනතුර සිදුව ඇති බවයි
ඌව පරණගම පොලිසිය පැවසුවේ.

ඇය නිවසට පැමිණ බිලිඳිය පරික්ෂා කරන අවස්ථාවේදී ඇයගේ සිරුර ඇඳේ ලි වැටේ සිරවී ඇති අන්දම දැක තිබෙනවා.

අනතුරුව බිලිඳිය කඩිනමින් වැවෙිගම රෝහලට රැගෙන ගොස් ඇති නමුත් දරුවා බේරාගැනීමට හැකිවී නැහැ.

WhatsApp Image 2023 03 24 at 12.34.42 5
WhatsApp Image 2023 03 24 at 12.34.42 3
WhatsApp Image 2023 03 24 at 12.34.42 2
WhatsApp Image 2023 03 24 at 12.34.42 1
WhatsApp Image 2023 03 24 at 12.34.42