වරාය සේවකයාගේ ඝාතකයා වසර 6කට පසු අල්ලයි

වසර 6කට පමණ ඉහතදී කොළඹ වරාය අධිකාරියේ සේවකයන්ගේ විවේකාගාරය තුළදී පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සහායක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි සරමේ තිබූ පෙට්රල් හා තවත් හේතු කිහිපයක් මුල් කර ගනිමිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඝාතනයට ලක්ව තිබුනේ කැලණිය වැල්ලවීදිය පාර පදිංචිව සිටි වරාය අධිකාරියේ වැඩ සහායකයෙකු ලෙස කටයුතු කළ 31 හැවිරිදි පුද්ගලයෙක්.

2016 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ JCT අංක 1 සහ 2 සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එදින හැද සිටි සරමට පෙට්රල් එකතු වුයේ කුමන ආකාරයෙන්ද ? ඔහුගේ රුපියල් 15000ක් අඩංගු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය ඇතුළු වටිනා කියන දේපළ කිසිවක් ගින්නට හසු නොවී බේරා ගත්තේ කුමන ආකාරයෙන් ද ? මරණකරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වුයේ කුමන හේතුවක් මතද ? යන ප්‍රශ්නවලට හා තවත් ප්‍රශ්න කීපයකට සැකකරුට සාධාරණ යැයි සිතිය හැකි පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇතැයි සඳහන්.

ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලයට සමාන පෙට්‍රල් සාම්පලයක් මරණකරු නිදා සිටි කාමරයේ සිටින ලද සැකකරු හැඳ සිටි සරමේ තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ ද සඳහන් කර තිබෙනවා.

මෙම ඝාතනයට අදාළව ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති අතර පරිවේශනිය සාක්ෂි සහ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුයි සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම, සාක්ෂි අතුරුදහන් කරවීම, අසත්‍ය තොරතුරු සැපයීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?