වරාය සේවකයාගේ ඝාතකයා වසර 6කට පසු අල්ලයි

වසර 6කට පමණ ඉහතදී කොළඹ වරාය අධිකාරියේ සේවකයන්ගේ විවේකාගාරය තුළදී පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සහායක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි සරමේ තිබූ පෙට්රල් හා තවත් හේතු කිහිපයක් මුල් කර ගනිමිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඝාතනයට ලක්ව තිබුනේ කැලණිය වැල්ලවීදිය පාර පදිංචිව සිටි වරාය අධිකාරියේ වැඩ සහායකයෙකු ලෙස කටයුතු කළ 31 හැවිරිදි පුද්ගලයෙක්.

2016 වසරේ දෙසැම්බර් මස 8 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ JCT අංක 1 සහ 2 සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු එදින හැද සිටි සරමට පෙට්රල් එකතු වුයේ කුමන ආකාරයෙන්ද ? ඔහුගේ රුපියල් 15000ක් අඩංගු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය ඇතුළු වටිනා කියන දේපළ කිසිවක් ගින්නට හසු නොවී බේරා ගත්තේ කුමන ආකාරයෙන් ද ? මරණකරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වුයේ කුමන හේතුවක් මතද ? යන ප්‍රශ්නවලට හා තවත් ප්‍රශ්න කීපයකට සැකකරුට සාධාරණ යැයි සිතිය හැකි පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇතැයි සඳහන්.

ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලයට සමාන පෙට්‍රල් සාම්පලයක් මරණකරු නිදා සිටි කාමරයේ සිටින ලද සැකකරු හැඳ සිටි සරමේ තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ ද සඳහන් කර තිබෙනවා.

මෙම ඝාතනයට අදාළව ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැති අතර පරිවේශනිය සාක්ෂි සහ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුයි සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම, සාක්ෂි අතුරුදහන් කරවීම, අසත්‍ය තොරතුරු සැපයීම යන චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් 41 හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42