වසර 48කට පසු ළදරුවාගේ දේහය මවට හිමි වෙයි

තම මියගිය බිළිඳාගේ දේහය වසර 48කට පසු මවකට ලැබීමේ පුවතක් ස්කොට්ලන්තයෙන් වාර්තා වනවා.

බිළිඳාට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මෙම මව අරගලයක නිරත වූ අතර අවසානයේ ඔහු මිය ගොස් වසර 48 කට පසු මෙලෙස දේහය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාව පවසන්නේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි 74 හැවිරිදි ලිඩියා රීඩ් නම් මව 1975 වසරේ දී ඉපදුණු බිළිඳාගේ මරණයෙන් පසු මිනී පෙට්ටියේ සිරුර නොමැති බැවින් ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට වසර ගණනාවක් උත්සාහ කළ බව සඳහන්.

2017 සැප්තැම්බර් මාසයේ අධිකරණය විසින් සිරුර ගොඩගැනීම සඳහා නියෝගයක් ලබා දීමෙන් පසු භූමදානය කළ ස්ථානයේ සිරුර නොමැති බවට ඇයට තහවුරු වී තිබෙනවා.

රීඩ්ගේ බිළිඳා වූ ගැරී මිය යන විට ඔහුට වයස සතියක්.

ගර්භනී කාන්තාවකගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ දරුවාගේ රුධිර සෛල විනාශ කරන රීසස් නම් රෝගයෙනුයි එම මරණය සිදුවී තිබුණේ.

රීඩ් නම් මෙම මව කියා සිටියේ තම පුත්‍රයා මිය ගොස් දින කිහිපයකට පසු ඔහුව බැලීමට රෝහලෙන් ඉල්ලා සිටි විට ඇයට වෙනත් දරුවෙකු පෙන්වූ බවයි.

තම අකමැත්තෙන් වුව ද බිළිඳු පුත්‍රයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ බව ද ඇය සඳහන් කර තිබෙනවා.

සිරුරේ අවයව පර්යේෂණ සඳහා ඉවත් කර තිබී ඇතැයි ද සඳහන්.

ඒ අනුව එඩින්බරෝ රාජකීය රෝහලේ ගබඩා කර තිබූ අවයව සහ අනෙකුත් ශරීර කොටස් ගැරීගේ මවට භාර දීමටයි බලධාරීන් අවසර ලබා දී ඇත්තේ.

රීඩ් නම් මෙම මව ස්කොට්ලන්තයේ ප්‍රමුඛ චරිතයක් වී ඇත්තේ රෝහල් විසින් නීති විරෝධී ලෙස මිය ගිය දරුවන්ගේ ශරීර කොටස් පර්යේෂණ සඳහා රඳවාගෙන සිටින ආකාරය හෙළිදරව් කිරීම හේතුවෙන්.

ලිවර්පූල් හි ඇල්ඩර් හේ රෝහලේ අවයව රඳවා තබා ගැනීම පිළිබඳ විමර්ශනයකින් පසු ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයට එහි වරද පිළිගැනීමට ද සිදු වී තිබෙනවා.

1970 සිට 2000 දක්වා කාලය තුළ ස්කොට්ලන්ත රෝහල්වල අවයව සහ පටක 6,000ක් පමණ තබා ඇති බව සොයා ගත් අතර ඒවායින් බොහොමයක් ළමයින්ගෙන් බවටයි විදෙස් වාර්තා පවසන්නේ.

බඩවැලේ පිළිකාවකින් පීඩා විඳිමින් එඩින්බරෝහි බටහිර මහ රෝහලට ඇතුළත් කර සිටින රීඩ් නම් මෙම මව තවමත් තම දරුවාගේ සිරුරේ ඉතිරි කොටස්වලට සිදුවූයේ කුමක්දැයි නොදන්නා බව සඳහන්.

“මගේ පුතාව ආපහු ලබාගන්න ලොකු උත්සහයක් දරලා දැන් මට ලැබිලා තියෙනවා. මට දැනෙන හැගීම වචනවලට පෙරළන්න හරිම අමාරුයි… දැන් මට මැරෙන්න කලින් එයාව භූමදාන කරන්න පුළුවන්, මට ලොකු සහනයක් දැනෙනවා” යනුවෙන් ඇය පැවසූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?