වසර 48කට පසු ළදරුවාගේ දේහය මවට හිමි වෙයි

තම මියගිය බිළිඳාගේ දේහය වසර 48කට පසු මවකට ලැබීමේ පුවතක් ස්කොට්ලන්තයෙන් වාර්තා වනවා.

බිළිඳාට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දශක හතරකට වැඩි කාලයක් තිස්සේ මෙම මව අරගලයක නිරත වූ අතර අවසානයේ ඔහු මිය ගොස් වසර 48 කට පසු මෙලෙස දේහය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාව පවසන්නේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි 74 හැවිරිදි ලිඩියා රීඩ් නම් මව 1975 වසරේ දී ඉපදුණු බිළිඳාගේ මරණයෙන් පසු මිනී පෙට්ටියේ සිරුර නොමැති බැවින් ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට වසර ගණනාවක් උත්සාහ කළ බව සඳහන්.

2017 සැප්තැම්බර් මාසයේ අධිකරණය විසින් සිරුර ගොඩගැනීම සඳහා නියෝගයක් ලබා දීමෙන් පසු භූමදානය කළ ස්ථානයේ සිරුර නොමැති බවට ඇයට තහවුරු වී තිබෙනවා.

රීඩ්ගේ බිළිඳා වූ ගැරී මිය යන විට ඔහුට වයස සතියක්.

ගර්භනී කාන්තාවකගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ දරුවාගේ රුධිර සෛල විනාශ කරන රීසස් නම් රෝගයෙනුයි එම මරණය සිදුවී තිබුණේ.

රීඩ් නම් මෙම මව කියා සිටියේ තම පුත්‍රයා මිය ගොස් දින කිහිපයකට පසු ඔහුව බැලීමට රෝහලෙන් ඉල්ලා සිටි විට ඇයට වෙනත් දරුවෙකු පෙන්වූ බවයි.

තම අකමැත්තෙන් වුව ද බිළිඳු පුත්‍රයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ බව ද ඇය සඳහන් කර තිබෙනවා.

සිරුරේ අවයව පර්යේෂණ සඳහා ඉවත් කර තිබී ඇතැයි ද සඳහන්.

ඒ අනුව එඩින්බරෝ රාජකීය රෝහලේ ගබඩා කර තිබූ අවයව සහ අනෙකුත් ශරීර කොටස් ගැරීගේ මවට භාර දීමටයි බලධාරීන් අවසර ලබා දී ඇත්තේ.

රීඩ් නම් මෙම මව ස්කොට්ලන්තයේ ප්‍රමුඛ චරිතයක් වී ඇත්තේ රෝහල් විසින් නීති විරෝධී ලෙස මිය ගිය දරුවන්ගේ ශරීර කොටස් පර්යේෂණ සඳහා රඳවාගෙන සිටින ආකාරය හෙළිදරව් කිරීම හේතුවෙන්.

ලිවර්පූල් හි ඇල්ඩර් හේ රෝහලේ අවයව රඳවා තබා ගැනීම පිළිබඳ විමර්ශනයකින් පසු ස්කොට්ලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයට එහි වරද පිළිගැනීමට ද සිදු වී තිබෙනවා.

1970 සිට 2000 දක්වා කාලය තුළ ස්කොට්ලන්ත රෝහල්වල අවයව සහ පටක 6,000ක් පමණ තබා ඇති බව සොයා ගත් අතර ඒවායින් බොහොමයක් ළමයින්ගෙන් බවටයි විදෙස් වාර්තා පවසන්නේ.

බඩවැලේ පිළිකාවකින් පීඩා විඳිමින් එඩින්බරෝහි බටහිර මහ රෝහලට ඇතුළත් කර සිටින රීඩ් නම් මෙම මව තවමත් තම දරුවාගේ සිරුරේ ඉතිරි කොටස්වලට සිදුවූයේ කුමක්දැයි නොදන්නා බව සඳහන්.

“මගේ පුතාව ආපහු ලබාගන්න ලොකු උත්සහයක් දරලා දැන් මට ලැබිලා තියෙනවා. මට දැනෙන හැගීම වචනවලට පෙරළන්න හරිම අමාරුයි… දැන් මට මැරෙන්න කලින් එයාව භූමදාන කරන්න පුළුවන්, මට ලොකු සහනයක් දැනෙනවා” යනුවෙන් ඇය පැවසූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21