දුම්රිය ධාවනය අඩාලයි..කාර්යාල දුම්රිය 10 ක් පමණයි

දුම්රිය ධාවනය සැලකිය යුතු ලෙස අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

අද උදෑසන ගාල්ලෙන් කොළඹ බලා එක් දුම්රියක් ධාවනය වී ඇති අතර ඊට පොලිස් හා හමුදා ආරක්ෂාවක් සපයා තිබුණා.

තවත් මගීන් විශාල පිරිසක් දුම්රිය ස්ථානය තුළ සේවා ස්ථාන කරා පිටව යෑමට බලාපොරොත්තුවෙන් සිටින බව අප වාර්තාකරු පැවසුවා.

කළුතර දකුණ දුම්රිය ස්ථානයේද විශාල මගින් පිරිසක් දුම්රියක් අපේක්ෂාවෙන් රැඳී සිටින බව අප වාර්තාකරු පැවසුවා.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6 10 ට කොළඹ බලා එක් දුම්රියක් පිටත්ව වූ බව අප වාර්තාකරු පැවසුවා.

සාමාන්‍යයෙන් පෙරවරු 7 30 පමණ වනවිට දුම්රිය 07 කට ආසන්න සංඛ්‍යාවක් ගම්පහින් කොළොඹ බලා පිටත් විය යුතු බව මගින් පවසනවා.

මේ අතර අද (15) දිනයේ ධාවනය කරන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?