බන්ධනාගාර ගත කරන සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් විසින් ආරම්භ කළ නිදහසේ පාද යාත්රාවට සහභාගී වූ පුද්ගලයෙකුට අද (14) යක්කල ප්රදේශයේ දී ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පාද යාත්රාවට සහය පළ කරමින් කුඩා ප්රමාණයේ ලොරි රථයක රියදුරු ලෙස ගමන්කර ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මොහුට යතුරුපැදි හිස්වැසුමකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑ අදාළ පුද්ගලයාට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.
පහරදීමෙන් කුඩා ලොරි රථයට ද හානි සිදුව තිබෙනවා.










