ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් අයර්ලන්තය අප්‍රේල් මාසයේ දිවයිනට

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සදහා අයර්ලන්ත කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියට අදාළ තරග කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිටත් නිකුත්කර අවසන්.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඒ, අනුව අයර්ලන්ත ටෙස්ට් කණ්ඩායම අප්‍රේල් 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වනදා ආරම්භ වනවා.

දෙරට අතර දෙවන තරගය 24 වනදා ආරම්භව 28 වනදා දක්වා පැවැත්වෙනවා.

අයර්ලන්ත කණ්ඩායමේ මෙම තරග සංචාරයට අදාළ මූලික සැලසුමට අනුව එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 02ක් පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ටෙස්ට් තරග 02ක් පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?