විලියම්සන් ඉන්දියාවට දොරටු විවරකර දෙයි

අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකා පිළ පරදා නවසීලන්ත ලැබූ සුපිරි ටෙස්ට් ජයත් සමඟ, ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට ඉන්දීය කණ්ඩායමට අද (13) අවස්ථාව උදාවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යව තිබූ අතර, එම බලාපොරොත්තුව නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන් අවසන් මොහොතේ බොඳකර දැමුවා.

එහිදී නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් පන්දු 194ක් තුළ ලකුණු 121ක් රැස් කළා.

දෙරට අතර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරදා අවසන් මොහොතේ නවසීලන්තය ජය ගත්තේ කඩුලු දෙකකින්.

නවසීලන්තයේ මෙම ජයත් සමඟ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12