ක්‍රිෂ් ගනුදෙනුවට නාමල් සහ ජානකී තවදුරටත් රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 16 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (06) නියෝග කළා.

එදිනට ඇප නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.