spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විලියම්සන් ඉන්දියාවට දොරටු විවරකර දෙයි

අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකා පිළ පරදා නවසීලන්ත ලැබූ සුපිරි ටෙස්ට් ජයත් සමඟ, ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට ඉන්දීය කණ්ඩායමට අද (13) අවස්ථාව උදාවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍යව තිබූ අතර, එම බලාපොරොත්තුව නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන් අවසන් මොහොතේ බොඳකර දැමුවා.

එහිදී නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් නවසීලන්ත දෙවන ඉනිම වෙනුවෙන් පන්දු 194ක් තුළ ලකුණු 121ක් රැස් කළා.

දෙරට අතර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරදා අවසන් මොහොතේ නවසීලන්තය ජය ගත්තේ කඩුලු දෙකකින්.

නවසීලන්තයේ මෙම ජයත් සමඟ ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සමඟ අවසන් මහා තරගයේ දී තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?