බුරුමූණාට රැකවරණය දුන් යුවළක් නුවරඑළියේ දී අල්ලයි (ඡායාරූප)

කටුනායක ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවේ සිටිය දී පළාගිය අපරාධ කල්ලි සාමාජිකයෙක් වන “බුරුමූණා” නැමැත්තාට නවාතැන් පහසුකම් දුන් යුවලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය ප්‍රදේශයේ දී මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර යුවළ නුවරඑළිය ප්‍රදේශයට පළාගිය තිරෝද රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු නාවික හමුදා සෙබලෙක් බවට තොරතුරු වාර්තා වනවා.

මෙම යුවළ මිල්ලනිය, මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට පසුගිය දෙසැම්බර් 18 වන දින වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටි “බුරු මූනා” නැමැත්තා ඝාතනයෙන් පසු සැඟව සිටි ඇත්තේ සැකකාර අඹුසැමි යුවළ පදිංචිව සිටි මිල්ලනිය, මල්වත්ත පාරේ පිහිටි නිවස තුළයි.

“බුරුමූණා” නැමැත්තා පසුගිය 24 වනදා මෙම සැකකරු සමඟ කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් ව්‍යාජ නමකින් ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත් වුණා.

මොහු අත්අඩංගුවට පත්වීමෙන් පසු සැකකාර නාවික හමුදා සෙබලා ඔහුගේ බිරිඳ සමඟ මිල්ලනිය, මල්වත්ත පාර නිවසින් අතුරුදන්ව තිබෙනවා.

WhatsApp Image 2023 03 06 at 9.54.21 AM 2
WhatsApp Image 2023 03 06 at 9.54.22 AM 1 2
WhatsApp Image 2023 03 06 at 9.54.22 AM 1
WhatsApp Image 2023 03 06 at 9.54.20 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11