AFC Banner
Empty Ad
Empty Ad

84 වියැති කතට චූන්පාන් කාරයා හදි කරලා

නිවසක හුදකලාව ජීවත්වූ 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට බරපතළ ලිංගික අතවරයක් සිදුකළ චූන්පාන් රියැදුරෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා පැවසීය.

වැලිපැන්න පොලිස් වසමේ පදිංචි 84 හැවිරිදි වියපත් කාන්තාවකට පෙරේදා (28) මෙම ලිංගික අපරාධය කර ඇති බව වැලිපැන්න පොලිසියට වාර්තා වී ඇත. දූ දරුවන් විවාහ වීමෙන් පසුව සැමියා මියගිය මෙම විය පත් කාන්තාව තම නිවසේ හුදකලාව ජීවත්වී ඇති අතර පෙරේදා (28) සවස ඇයගේ ගෙමිදුලේ චූන් පාන් ත්‍රිරෝද රථයක් බොහෝ වෙලාවක් නතරකර තිබෙන අයුරු දුටු එම කාන්තාව පදිංචි නිවස ආසන්නයේ පදිංචි ඇයගේ පුතෙකු විසින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහුගේ පුතෙකුට දන්වා ඇත.

එම දරුවා තම ආච්චි පදිංචි නිවසට පැමිණෙන විටම එම නිවසින් එළියට පැමිණි පුද්ගලයෙකු වැසිකිළියට ගිය බව පවසා ගෙමිදුලේ නවතා තිබූ ත්‍රිරෝද රථය පදවාගෙන පිටත්ව ගොස් ඇත.

ඊට ටික වෙලාවකට පසුව එම කාන්තාවගේ නිවසට තේ දලු රැගෙන යාමට පැමිණි තේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු එම කාන්තාවගේ නිවසේ බිම ලේ පැල්ලම් දැක අසල්වැසි නිවසේ පදිංචි වියපත් කාන්තාවගේ පුතාට දැනුම්දී ඇත. ඒ අනුව තම මවගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී තමාට චූන් පාන් රියැදුරා කරදරයක් කළ බව පැවැසීමෙන් අනතුරුව ඇයගේ පුතා මේ පිළිබඳව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

අතවරයට පත් වියපත් කාන්තාව ප්‍රතිකාර සඳහා සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙම අපරාධය කළ චූන්පාන් රියැදුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කළ බවත් ඉතා ඉක්මනින් එම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?