84 වියැති කතට චූන්පාන් කාරයා හදි කරලා

නිවසක හුදකලාව ජීවත්වූ 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට බරපතළ ලිංගික අතවරයක් සිදුකළ චූන්පාන් රියැදුරෙකු සොයා පරීක්ෂණ ආරම්භ කළ බව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා පැවසීය.

වැලිපැන්න පොලිස් වසමේ පදිංචි 84 හැවිරිදි වියපත් කාන්තාවකට පෙරේදා (28) මෙම ලිංගික අපරාධය කර ඇති බව වැලිපැන්න පොලිසියට වාර්තා වී ඇත. දූ දරුවන් විවාහ වීමෙන් පසුව සැමියා මියගිය මෙම විය පත් කාන්තාව තම නිවසේ හුදකලාව ජීවත්වී ඇති අතර පෙරේදා (28) සවස ඇයගේ ගෙමිදුලේ චූන් පාන් ත්‍රිරෝද රථයක් බොහෝ වෙලාවක් නතරකර තිබෙන අයුරු දුටු එම කාන්තාව පදිංචි නිවස ආසන්නයේ පදිංචි ඇයගේ පුතෙකු විසින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහුගේ පුතෙකුට දන්වා ඇත.

එම දරුවා තම ආච්චි පදිංචි නිවසට පැමිණෙන විටම එම නිවසින් එළියට පැමිණි පුද්ගලයෙකු වැසිකිළියට ගිය බව පවසා ගෙමිදුලේ නවතා තිබූ ත්‍රිරෝද රථය පදවාගෙන පිටත්ව ගොස් ඇත.

ඊට ටික වෙලාවකට පසුව එම කාන්තාවගේ නිවසට තේ දලු රැගෙන යාමට පැමිණි තේ කර්මාන්ත ශාලාවක සේවකයෙකු එම කාන්තාවගේ නිවසේ බිම ලේ පැල්ලම් දැක අසල්වැසි නිවසේ පදිංචි වියපත් කාන්තාවගේ පුතාට දැනුම්දී ඇත. ඒ අනුව තම මවගේ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී තමාට චූන් පාන් රියැදුරා කරදරයක් කළ බව පැවැසීමෙන් අනතුරුව ඇයගේ පුතා මේ පිළිබඳව වැලිපැන්න පොලිසියට පැමිණිලි කර ඇත.

අතවරයට පත් වියපත් කාන්තාව ප්‍රතිකාර සඳහා සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙම අපරාධය කළ චූන්පාන් රියැදුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කළ බවත් ඉතා ඉක්මනින් එම අපරාධකරු අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් ආනන්ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන ආනයනාකරුවන්ගේ සංගම‍යෙන් ආණ්ඩුවට ඉල්ලීමක් - අපිට ලොකු සහයෝගයක් දෙන්න
03:14
Video thumbnail
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක, චාමර ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:13
Video thumbnail
කැමරාව වහලා දොලවත්ත ආණ්ඩුවට සැරටම කිව්ව දේ - මේ ආණ්ඩුවට කිසිම හැකියාවක් නෑ
03:04
Video thumbnail
මාලඹේ රත්කල පන්දම් විරෝධතාව - 76 සා#පයට වඩා දෙගුණයක සා#පයක් මේක
04:57
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක් - සෞඛ්‍යය ඇමති අතින් ලබාදුන් අයුරු
01:05
Video thumbnail
පෞද්ගලික ඉඩමකින් බොරළු හොරකම් කළ මාලිමා මන්ත්‍රී ? - "මූට මන්ත්‍රී කියන්නත් ලැජ්ජයි..කොන්දක් නැද්ද ?
06:32
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55