නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් බාර දුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරමින් අදාල තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ජූලි මස 26 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි වැඩිදුර සලකා බැලීම සඳහා අද කැඳවනු ලැබුවේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව වැඩිදුර විමසීම ජුලි මස 26 වන දා තෙක් කල් තබා තිබෙනවා.

දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන ලෙසටයි අධිකරණය නියම කළේ.

පෙත්සම්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියා සිටින්නේ නාමයෝජනා පත්‍රය බාරගෙන පසුව ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවයි.

එය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් අදාළ නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස අදාළ තේරීම්භාර නිලධාරියා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14