spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් මන්නාරම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් බාර දුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරමින් අදාල තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ජූලි මස 26 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ එම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි වැඩිදුර සලකා බැලීම සඳහා අද කැඳවනු ලැබුවේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව වැඩිදුර විමසීම ජුලි මස 26 වන දා තෙක් කල් තබා තිබෙනවා.

දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන ලෙසටයි අධිකරණය නියම කළේ.

පෙත්සම්කාර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියා සිටින්නේ නාමයෝජනා පත්‍රය බාරගෙන පසුව ප්‍රතික්ෂේප කිරීමට අදාළ තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවයි.

එය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් අදාළ නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස අදාළ තේරීම්භාර නිලධාරියා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?