AFC Banner
Empty Ad
Empty Ad

බෑනා පැදවූ ලොරි රථයට යටවී නැන්දම්මා ජීවිතක්ෂයට

නවගමුව, සුදවිල ප්‍රදේශයේ ඊයේ (20) ලොරි රථයකට යටවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

කාන්තාව අනතුරට පත් ලොරි රථයේ රියදුරු ඇයගේ බෑනා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (20) උදෑසන අදාළ කාන්තාවට කෑම පාර්සලයක් ලබාදීමට බෑනා ලොරි රථයෙන් පැමිණ ඇති අතර, ඔහු ලොරි රථයේ සිටම කෑම පාර්සලය ලබාදී රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

එහිදී කෑම පර්සලට ලබාගෙන මාර්ගයේ ඉදිරියට ගමන්කර ඇති කාන්තාව මාර්ගයේ තාර ගැට්ටේ පය පැටලී වැටී එම ලොරි රථයේ ඉරිදිපස රෝදයට යටවී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු අදාළ කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇය මියගොස් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැදවූ බෑනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?