බෑනා පැදවූ ලොරි රථයට යටවී නැන්දම්මා ජීවිතක්ෂයට

නවගමුව, සුදවිල ප්‍රදේශයේ ඊයේ (20) ලොරි රථයකට යටවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

කාන්තාව අනතුරට පත් ලොරි රථයේ රියදුරු ඇයගේ බෑනා බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊයේ (20) උදෑසන අදාළ කාන්තාවට කෑම පාර්සලයක් ලබාදීමට බෑනා ලොරි රථයෙන් පැමිණ ඇති අතර, ඔහු ලොරි රථයේ සිටම කෑම පාර්සලය ලබාදී රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

එහිදී කෑම පර්සලට ලබාගෙන මාර්ගයේ ඉදිරියට ගමන්කර ඇති කාන්තාව මාර්ගයේ තාර ගැට්ටේ පය පැටලී වැටී එම ලොරි රථයේ ඉරිදිපස රෝදයට යටවී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් පසු අදාළ කාන්තාව නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇය මියගොස් ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථය පැදවූ බෑනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21