ඡන්දය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම හෙට යළි විභාගයට

රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

එම පෙත්සම හෙට එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

මෙම පෙත්සම පසුගිය 10 වන දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වැඩිදුර සලකා බැලීම ලබන 23දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් කර්නල්වරයා විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනු කරනු ලැබුවා.

මෙම පසුබිම යටතේ යි අදාළ පෙත්සම හෙට දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.

විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව් එම්. ආර්. විජේසුන්දර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26