අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මඩකපලපුව අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉලක්ක කර ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

උන්වහසේගෙන් අප කළ විමසීමක දී සඳහන් කර සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ 12.01ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි.

තමන් ආවාස කුටියේ සැතපී සිටින අවස්ථාවේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවත්, මීට දින කිහිපයක සිට දුරකථනයට තර්ජනාත්මක ඇමතුම් කිහිපයක් පැමිණි බවත් උන්වහසේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙඩි තැබීමෙන් අම්පිටියේ සුමනරතන හිමියන්ට හානියක් සිදුව නැහැ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එම අවස්ථාවේම පොලිසිය දැනුම්වත් කර ඇති අතර, අම්පාර පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?