තැපෑල වර්ජනයකට සැරසෙයි

උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි මෙම විරෝධය සිදු කරන බවයි.

මෙම බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ද ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයද, අද දිනයේ විරෝධතාවක නිරත වනවා.

දිවයිනේ රෝහල් රැසක මෙම විරෝධතාව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක මේවනවිට ගැටලු රැසක් පවතින බවයි.

මේ අතර අසාධාරණ බදු සංශෝධන ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් කෙරුණා.

https://youtu.be/gAP4k0s_T2o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01