තැපෑල වර්ජනයකට සැරසෙයි

උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි මෙම විරෝධය සිදු කරන බවයි.

මෙම බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ද ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළා.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයද, අද දිනයේ විරෝධතාවක නිරත වනවා.

දිවයිනේ රෝහල් රැසක මෙම විරෝධතාව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර රැසක මේවනවිට ගැටලු රැසක් පවතින බවයි.

මේ අතර අසාධාරණ බදු සංශෝධන ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?