රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දි ඉල්ලූ නඩුව අවසන්

මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබු වන්දි නඩුව අද සමතයකට පත්වී තිබෙනවා.

ඒ අදාළ නඩුව අද මීගමුව අතිරේක දිසාවිනිසුරු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

2014 වසරේ මාර්තු මස 26 දින මීගමුව ලෙයිටන් පාර්ක් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමකදී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ඉල්ලා නිමල් ලාන්සා විසින් මෙම නඩුව පවරා තිබුණා.

එම නඩුව අද අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ සමතය සඳහා කැඳවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නිතිඥවරයා කියාසිටියේ විත්තිකරුගේ වචනවල කිසිදු අවස්ථාවක පැමිණිලිකරුගේ නම භාවිතා කර නොමැති අතර විත්තිකරුගේ වචනවලින් පැමිණිලිකරුට සිත් තැවුලක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවයි.

විත්තිකරු පසුගිය කාලයේ මුහුණ දුන් කරුණු සලකා බලා අද දිනයේ විවෘත අධිකරණයේ සිදු කළ කණගාටුව ප්‍රකාශ කිරීම පැමිණිලිකරු පිළිගන්නා බැවින් එම කරුණු අනුව සමත නඩු තීන්දුවක් ඇතුලත් කරන ලෙසත් පැමිණිලිකාර නිමල් ලාන්සා වෙනුවෙන් පෙනිසිටි නීතිඥයන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙම නඩුවේ නඩුකටයුතු අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි පැමිණිලිකාර නිමල් ලාන්සාගේ නීතිඥයන් ඉලිලීමක් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40