රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දි ඉල්ලූ නඩුව අවසන්

මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබු වන්දි නඩුව අද සමතයකට පත්වී තිබෙනවා.

ඒ අදාළ නඩුව අද මීගමුව අතිරේක දිසාවිනිසුරු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

2014 වසරේ මාර්තු මස 26 දින මීගමුව ලෙයිටන් පාර්ක් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමකදී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ඉල්ලා නිමල් ලාන්සා විසින් මෙම නඩුව පවරා තිබුණා.

එම නඩුව අද අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ සමතය සඳහා කැඳවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නිතිඥවරයා කියාසිටියේ විත්තිකරුගේ වචනවල කිසිදු අවස්ථාවක පැමිණිලිකරුගේ නම භාවිතා කර නොමැති අතර විත්තිකරුගේ වචනවලින් පැමිණිලිකරුට සිත් තැවුලක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවයි.

විත්තිකරු පසුගිය කාලයේ මුහුණ දුන් කරුණු සලකා බලා අද දිනයේ විවෘත අධිකරණයේ සිදු කළ කණගාටුව ප්‍රකාශ කිරීම පැමිණිලිකරු පිළිගන්නා බැවින් එම කරුණු අනුව සමත නඩු තීන්දුවක් ඇතුලත් කරන ලෙසත් පැමිණිලිකාර නිමල් ලාන්සා වෙනුවෙන් පෙනිසිටි නීතිඥයන් ඉල්ලීමක් කළා.

ඒ අනුව මෙම නඩුවේ නඩුකටයුතු අවසන් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි පැමිණිලිකාර නිමල් ලාන්සාගේ නීතිඥයන් ඉලිලීමක් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12