සත්‍යග්‍රහයට පහරදුන් 3ක් රිමාන්ඩ්

නිදහස් සැමරුමට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පෙරේදා රාත්‍රියේ පැවති මෙම සත්‍යග්‍රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ද එල්ල කළා.

මෙම සත්‍යග්‍රහයට නාඳුනන පිරිසක් විසින් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තුන් දෙනෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

”කොහේ තියෙන නිදහසක්ද” යන තේමාව යටතේ 75වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය පැවැත් වුණා.

ඒ ගාලු මුවදොර අරගල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන කිහිපයකගේ සහභාගීත්වයෙන්.

සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලිසිය අධිකරණ නියෝග ඉදිරිපත් කරමින් පිරිසට විසිර යන ලෙස දන්වා තිබුණ ද ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවූ අතර රාත්‍රී 10ට පමණ පැමිණි නාඳුනන පිරිසක් සත්‍යග්‍රහයේ නිතර වූවන් සමග ගැටුමක් ඇති කරගෙන තිබුණා.

එහිදී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පොලිසිය ඊට මැදිහත්වීමත් සමඟ තත්ත්වය නොසන්සුන් වී තිබෙනවා.

අනතුරුව අධි පීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි පොලිසිය කටයුතු කළේ.

සත්‍යග්‍රහයේ නිරතවූවන් එම ස්ථානයෙන් පළවා හැරීමට පොලිසිය පියවර ගත් අතර කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ඔවුන් ඉවත් වන තුරු බැටන් ප්‍රහාර එල්ල කර තිබුණා.

එහිදී අරගලකරුවන් 4 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14