ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු විජේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු මුරලි විජේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මුරලි විජේ ජාත්‍යනතර ටෙස්ට් තරග 61කට, එක්දින තරග 17කට සහ විස්සයි විස්ස තරග 09කට ක්‍රීඩා කරමින් සියලුම ආකෘතීන් හරහා ජාත්‍යන්තර තරග 87කදී ඉන්දියාවව නියෝජනය කර තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දියාව වෙනුවෙන් 2018 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හිදී ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

වසර නවයක් පුරා දිවෙන මුරලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ, ඉන්දියාවේ වඩාත්ම විශ්වාසදායක ආරම්භක පිතිකරුවෙකු බව ඔහු ඔප්පු කරනු ලැබුවා.

38 හැවිරිදි වියේ පසුවන මුරලි විජේ ටෙස්ට් තරග 61කදී ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3982ක් රැස් කරගෙන සිටිනවා.

සිය විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් විජේ මෙසේ පැවසුවා,

“අද, ඉමහත් කෘතඥතාවෙන් සහ නිහතමානීව, මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකාරවලින් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කරනවා. 2002-2018 දක්වා මගේ ගමන මගේ ජීවිතයේ සුන්දරම කාලය වුණා. මන්ද එය ක්‍රීඩාවේ ඉහළම මට්ටමින් ඉන්දියාව නියෝජනය කිරීම ගෞරවයක් වූ නිසා, මගේ සියලුම සගයන්ට, පුහුණුකරුවන්ට, උපදේශකයින්ට සහ සහායක කාර්ය මණ්ඩලයට ඔබ සියලු දෙනා සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම පරම වරප්‍රසාදයක්. මගේ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට උදව් කිරීම ගැන මම ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩාවේ උස් පහත්වීම් හරහා මට සහාය වූ ක්‍රිකට් ලෝලීන්ට, මම ඔබ සමඟ ගත කළ අවස්ථා සදහටම අගය කරන අතර, ඔබේ සහයෝගය සැමවිටම මට දිරිගැන්වීමේ මූලාශ්‍රයක් වුණා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57