ගම්පොළ මුදල් තැන්පතු යන්ත්‍රය පැහැරගෙන ගිය වෑන් රථය හමුවෙයි

ගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගැනීමේ සිද්ධියේ වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි.

වෑන් රථයේ රියදුරා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව වෑන් රථය සොයාගෙන තිබුණා.

කොල්ලකරුවන් කුලී පදනම මත මෙම වෑන් රථය ලබාගෙන ඇති අතර වෑන් රථය තුලදීම තමාගේ අත්පා ගැටගසා කොල්ලකරුවන් වෙනත් වෑන් රථයකින් පළාගිය බවයි රියදුරා පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.

මේවන විට පොලිසිය එම රියදුරාගෙන් ද ප්‍රකාශ ලබා ගනිමින් පවතිනවා.

ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද (25) අලුයම එකට පමණ කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියාගේ හිසට ගිනි අවියක් තබා බියකර පුටුවක ගැටගසා මුදල් තැන්පත් යන්ත්‍රය රැගෙන පළා ගොස් තිබුණා.

මුදල් තැන්පතු යන්ත්‍රය පැහැර ගත් සැකකරුවන් නවීන වෑන් රථයකින් පළා ගොස් ඇති බවටයි පසුව හෙළිවූයේ.

ගම්පොල නගරයේ ඇති මෙම පෞද්ගලික බැංකුව සමඟ තවත් පෞද්ගලික බැංකු දෙකක් ද ඇති අතර එම බැංකු තුනේම ආරක්ෂක නිලධාරීන් මෙම කොල්ලකෑම සිදුවන අවස්ථාවේ රැඳී සිට තිබෙනවා.

බැංකුවේ ඉදිරිපසට පැමිණ ඇති වෑන් රථයක් එහි හරස් අතට නතර කර ATM යන්ත්‍ර ඇති ස්ථානයට පැමිණි ඇති මුහුණු වසාගත් සිව්දෙනකු එහි ආරක්ෂකයා ගේ හිසට ගිනි අවියක් එල්ල කර ඔහු ගැට ගසා ඇතැයි සඳහන්.

අනතුරුව බිම සවි කර ඇති මුදල් තැන්පත් යන්ත්‍රය සොලවා ගලවාගෙන ඇති කොල්ලකරුවන් එය ඔසවා වෑන් රථයට දමා පළා ගිය බවයි එම ආරක්ෂක නිලධාරියා පොලිසියට පවසා ඇත්තේ.

පසුව ආරක්ෂක නිලධාරියා ගැටගසා තිබූ රැහැන් පට ගලවාගෙන බැංකුවේ හදිසි නලාව නඩකර වෑන් රථයේ අංකය ද ලියා ගෙන තිබෙනවා.

සයිරන් නළා හඬත් සමගයි බැංකුව ආසන්නයේ ඇති ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අඩියක් ගහනවා, චූන් එකේ ඉන්නවා
08:56
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12