ධනංජය ද සිල්වා සහ ළහිරු කුමාරගෙන් අබුඩාබි 20-20 ලීගයේ දී සුපිරි දක්ෂතා

අබුඩාබි ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරගාවලියේ තවත් තරගයක් ඊයේ (21) රාත්‍රියේ පැවැත් වුණා.

මෙම තරගය පැවැත් වුණේ අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම අතරයි.

තියුණු සටනකින් පසු මෙම තරගය අවසන් පන්දුවේ දී ජය ගන්නට මුම්බායි එමිරේට්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගය සඳහා අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් තිදෙනෙක් ම සහභාගී වූ අතර ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ ළහිරු කුමාර එම ක්‍රීඩකයින් තිදෙනායි.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 170ක ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, එහිදී මුල්පෙළ පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 40ක් තුළ වේගවත් ලකුණු 65ක් රැස්කරමින් ඉහළ දායකත්වයක් ලබා දුන්නා.

ඔහු සමඟ අනෙක් අන්තයේ ස්ථාවර වූ චරිත් අසලංක පන්දු 17ක් තුළ 23ක් රැස්කළ අතර, කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් නොදැවී ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ෆසාල්හක් ෆාරුකි සහ සහූර් ඛාන් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.

ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි එමිරේට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කදුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යෑමට හැකියාව ලැබුණා.

එහිදී ඇන්ඩ්රේ ෆ්ලෙචර් අර්ධ ශතකයක් වාර්තා කළ අතර, නායක කිරන් පොලාඩ් ලකුණු 31ක් සහ නජිබුල්ලා සද්රාන් නොදැවී ලකුණු 35ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

නයිට් රයිඩර්ස් පිළ වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කඩුලු 02ක් බිඳ දැමූ අතර, අකිල් හුසේන්, ඇන්ඩ්රේ රසල් සහ සුනිල් නරේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වාගේ සුපිරි ඉනිම සහ ළහිරු කුමාර දවාගත් කඩුලු 02ක අපතේ යවමින් අවසානයේ මුම්බායි එමිරේට්ස් පිළ තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02