වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන නියාමනයට නව මාර්ගෝපදේශ මාලාවක්

ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ආයතනගත රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නියෝග හා මාර්ගෝපදේශ සකස් කර ඇත්තේ ජාතික වැඩිහිටි මහ සභාවේ උපදෙස් හා මඟපෙන්වීම අනුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින්.

ඒවා විෂය භාර අමාත්‍ය උපාලි පන්නිල වෙත පසුගිය ඔක්තෝබර් පළමු වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් පන්නල නෙදර්ලන්ත-වෙල්කම් විලේජ් පරිශ්‍රයේදී පිළිගන්වනු ලැබුවා.

රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන සහ ස්වේච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යන සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි විය යුතු බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ.

එම මධ්‍යස්ථානවල සේවා ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දී ඇති නව නියෝග හා මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමද අනිවාර්ය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06