අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 20 වනදා කැඳවීමට අද (08) කොළඹ මහාධිකරණය නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ අද (08) නඩුව කැඳවු ලැබුවා.
නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 31,32,33 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා සිතාසි නිකුත් කළා.
සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් තිදෙනකු අධිකරණයේදී සාක්ෂි ලබා දෙනු ලැබුවා.
සිද්ධියට අදාළ සැකකරුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශ විවෘත අධිකරණයේ පෙනී සිටියා.










