රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ හෙට (09) දිනයේ දී කොළඹ ජාතික අක්ෂි රෝහලට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පවසනවා.
අද (08) දිනයේ දී අදාළ සැකකාරියව, බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පූර්ණ ලෙස පරික්ෂාවට ලක්කළ බවත්, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න සඳහන් කළා.
ඒ අනුව හෙට (09) දිනයේ දී ශිරන්ති රාජපක්ෂව කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.










